පොතක් ගැන යමක්
Monday, October 31, 2011
නිශ්ශංකමල්ල රජතුමා
"නිශ්ශංකමල්ල රජතුමා" කෘතිය "කුසුම්සිරි විජයවර්ධන" මහතා විසින් ලියන ලද කෘතියකි.
නිශ්ශංකමල්ල රජතුමාගේ රාජ්‍ය කාලය තුළ කර වූ සෙල්ලිපි, ස්මාරක හා රජතුමා භාවිතා කළ ප්රචාරක සන්නිවේදන විධි ක්‍රම මෙම කෘතියට ඇතුළත් කර ඇත.
මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.
ලොකු අක්කා
"ලොකු අක්කා" කෘතිය "ආර්. ආර්. සමරකෝන්" මහතා විසින් ලියන ලද කෘතියකි.
එක්තරා ගමක ගුරුවරුයක් විවාහ වූ පසු ඇය ගෙවන දුෂ්කර ජීවිතය මෙම කෘතියට තේමාව වී ඇත.
මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.
හෙද සොයුරියකගේ මතක සටහන්
"හෙද සොයුරියකගේ මතක සටහන්" කෘතිය හෙද නිළධාරිණී "සෝමලතා වෛද්‍යරත්න" මහත්මිය විසින් ලියන ලද කෘතියකි.
තම වෘත්තීය ජීවිතය තුළ ලබා ගත් අත්දැකීම් ඇසුරෙන් මෙම කෘතිය ලියා ඇත.
මෙය "ස්ටැම්ෆර්ඩ් ලේක්" ප්රකාශනයකි.

දඟර තරප්පුව
"දඟර තරප්පුව" කෘතිය "සුනන්ද මහේන්ද්‍ර" මහතා විසින් ලියන ලද කෘතියකි.
එක්තරා පුද්ගලයකු වැඩිහිටියකු බවට පත් වූ පසු තමන් කුඩා කළ විසූ දෙහිවල නිවසට ගොස් අතීතාවර්ජනයක් කරන ආකාරයට මෙම පොත ලියා ඇත.
මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.
Monday, October 24, 2011
භවාන්තරය
"භවාන්තරය" කෘතිය "ටෙනිසන් පෙරේරා" මහතා විසින් ලියන ලද කෘතියකි.
වාණිජ ප්රවාහයේ ගොදුරක් බවට පත්ව ඇති අද්‍යතන සමාජයේ සමාජ සංස්කෘතික චලනයන් ප්රස්තූත කරගත් ප්‍රබන්ධයක් ලෙස "භවාන්තරය" නම් කළ හැකිය.
අඹුසැමි ප්‍රේමය, දාරක ස්නේහය පමණක් නොව සකල මානව සබඳතා ගර්භිතව, පරිභෝජන සමාජ හස්තයේ අවයවයන් වන හැටි සත්‍යයේ මායාව හරහා සැරිසරමින් රූපණය කෙරෙන මෙම කෘතිය ටෙනිසන් පෙරේරා විසින් සම්පාදනය කරන ලද විසි දෙවන ප්රබන්ධයයි.
මෙය මරදානේ "ඇස්. ගොඩගේ සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.

මීදුම් නිම්නය
"මීදුම් නිම්නය" කෘතිය "කුමාර කරුණාරත්න" මහතා විසින් ලියන ලද කෙටිකතා පොතකි.
ජීවිත ආරක්ෂාව පතා විදේශ ගතව සැඟ වී සිට ආපසු එන දයාන්ට සිය පෙම්වතිය වන ආශාවරී යළිත් මුණ ගැසෙන්නේ තම හොඳම මිතුරා වන වජිරගේ බිරිඳ වශයෙනි. අතීතය අමතක කරන්නට අසමත් වන දයාන් සහ ආශාවරී නැවතත් ආදරයෙන් බැඳී වජිරට රහසේ බියෙන් හා සැකෙන් ද කඳුළින් හා සුසුමින් ද යුතුව පවත්වන ඇසුර ආත්ම කථනයක් ලෙස දයාන් විසින් මෙම "මීදුම් නිම්නය" තුළින් හෙළි කරනු ලබයි.
මෙය "හංස ප්‍රකාශකයන්" විසින් ප්‍රකාශිත කෘතියකි.

ආත්මා
"ආත්මා" කෘතිය "චන්ද්‍රසිරි දොඩන්ගොඩ" මහතා විසින් ලියන ලද නවකතා පොතකි.
ආත්මා ඉතා දුර බැහැර ගම්මානයක ගැමි මව් පිය යුවලක් යටතේ සදාචාර සම්පන්නව වැඩුණු යුවතියකි.
කොළඹ ධනවතෙකු සමග විවාහ වූ ඕ නගරයට ආවේ අලුත් ලෝකයකට පිවිසෙනු පිණිසය.
නමුත් ආත්මා පැතූ ලෝකය සහමුලින්ම බිඳ වැටිණි.
එහෙත් ඇයට අලුත් ජීවිතයක්, අලුත් අරුණාලෝකයක් සමග නැවුම් වූ ද යහපත් වූ ද ලෝකයක් ලබා දුන්නේ ඕදාතය.
මේ සියල්ල සිදු වූයේ කෙසේ දැයි මේ නවකතාව ඔබට කියා දේ.
මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.
ආත්මා ඉතා දුර බැහැර ගම්මානයක ගැමි මව් පිය යුවලක් යටතේ සදාචාර සම්පන්නව වැඩුණු යුවතියකි.
කොළඹ ධනවතෙකු සමග විවාහ වූ ඕ නගරයට ආවේ අලුත් ලෝකයකට පිවිසෙනු පිණිසය.
නමුත් ආත්මා පැතූ ලෝකය සහමුලින්ම බිඳ වැටිණි.
එහෙත් ඇයට අලුත් ජීවිතයක්, අලුත් අරුණාලෝකයක් සමග නැවුම් වූ ද යහපත් වූ ද ලෝකයක් ලබා දුන්නේ ඕදාතය.
මේ සියල්ල සිදු වූයේ කෙසේ දැයි මේ නවකතාව ඔබට කියා දේ.
මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.
Subscribe to:
Posts (Atom)