Monday, June 28, 2010

මහ පොළොව මධ්‍යයට ගිය ගමන

අද මම කියන්න යන්නෙ "ජිනේන්ද්‍රවංශ ද සිල්වා" මහත්මයා විසින් පරිවර්තනය කරනු ලැබූ "මහ පොළොව මධ්‍යයට ගිය ගමන"  නමැති කෘතිය ගැනයි.

"ජූල්ස් වර්න්" විසින් 1864 දී ලියනු ලැබූ "Journey to the center of the Earth" කෘතියේ සිංහල පරිවර්තනය වූ මෙම පොත, මුලින්ම ලියවී ඇත්තේ ප්‍රංශ භාෂාවෙන්.

රහස් අකුරින් ලියූ ලියවිල්ලක් මහාචාර්ය ලිඩොන්බ්‍රොක් හට හමු වූ පසු තම බෑනා ද, මාර්ගෝපදේශයකු ද සමග අයිස්ලන්තයට චාරිකාවක යෙදේ.පෘතුවි මධ්‍යය කරා ගිනිකදු ශිඛරයක ආවාටයෙන් අභ්‍යන්තරයට පිවිසෙන ඔවුහු රහස් මාවතකට පිවිසෙති.ඉක්බිති තවත් අභ්‍යන්තරයට ගොස් ප්‍රාග් ඓතිහාසික අත්භූත මුහුදු සත්වයන්ගෙන් ගහණ වූ පාලු භූගත මුහුදක් හරහා ආපසු නො එතැයි සිතෙන චාරිකාවකට යොමුවෙති.

මේ පරිවර්තනයෙහි තියෙන දුර්වලකමක් විදිහට මට පෙනෙන්නෙ ඉතා කුඩා පරිච්ඡේද වලින් යුත් වීමයි.

මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.

2 comments:

  1. The Core කියන film එක බලල තියනවද? ඒකෙත් තියෙන්නේ පොළව මැද්දට යන ගමනක් ගැන.

    ReplyDelete
  2. "The Core" කියන ෆිල්ම් එකනම් බලල නැහැ.ඒ ෆිල්ම් එක ගැන පැවසුවාට ස්තූතියි.නමුත් මේ පොත පදනම් කරගෙන නිෂ්පාදනය කරපු ෆිල්ම් එකක් තමයි "Journey to the Center of the Earth".

    http://www.imdb.com/title/tt0373051/

    ReplyDelete