Monday, August 30, 2010

මැකීගිය දඩමං

 "මැකීගිය දඩමං" නම් මේ කෘතිය "ආර්. එල්. ස්පිට්ල්" මහතා විසින් රචිත "Vanished Trails" කෘතියේ සිංහල පරිවර්තන යයි. මෙය පරිවර්තනය කරනු ලැබ තිබෙන්නේ "ඒ. පී. ගුණරත්න" මහතා විසිනි.

මෙම කෘතිය පරම්පරා තුනක වැද්දන්ගේ ජීවිතය විස්තර කරමින් එකම කතාවක ස්වරූපයෙන් ලියන ලද්දකි. වැද්දා ගල් ගෙවල වාසය කරමින් වනයේ තැනින් තැන ඇවිද ආහාර පාන සපයා ගැනීමෙන් ජීවත් වූ අවධියේ සිට ගෙපැල අටවාගෙන හේන් ගොවිතැනෙන් ජීවත් වන්නට පටන් ගත් අවධිය තෙක් වූ වැදි ජීවිතය මෙහි විස්තර වේ. නවකතාවකට අවශ්‍ය අංගයක් වශයෙන් බැහැරින් එකතු කළ යම් යම් දෙයක් හැරුනු විට හෙළදිව ආදී ම වැසියන් වූ වැද්දන්ගේ අන්තිමයන් පිළිබඳ මේ කතාව - වැද්දන්ගේ අන්තිම පදය - සත්‍ය කතාවකි.

මෙය මරදානේ "සූරිය ප්‍රකාශකයෝ"  විසින් ප්‍රකාශිත කෘතියකි.

1 comment:

  1. මම ඕකෙ 1942 පිට වෙච්ච වෙළුම කියවල තියනවා.ඔය පොත කියෙව්ව දවස් වල යාලුවොත් එක්ක කැලේ සෙල්ලම්ම තමා කලේ.කියවනවනම් ඔන්න පොත්.

    ReplyDelete