Tuesday, October 4, 2011

දියණිය ආපසු යයි


"දියණිය ආපසු යයි" කෘතිය "කේ. ජයතිලක" මහතා විසින් ලියන ලද කෙටිකතා පොතකි.


කේ. ජයතිලක මහතාගේ ජීවින අත්දැකීම් අනුව ලියන වී ඇති කෙටිකතා කිහිපයක් මෙම පොතෙහි ඇත.


මෙය "ප්‍රදීප ප්‍රකාශකයන්" විසින් ප්‍රකාශිත කෘතියකි.

අජාන් චා හාමුදුරුවෝ


"අජාන් චා හාමුදුරුවෝ" කෘතිය "තිලක කුඩාහෙට්ටි" මහතා විසින් පරිවර්තනය කරන ලද කෘතියකි.


තායිලන්තයේ විසූ අජාන් චා හිමියන්ගේ ගෝල හිමිනමක් ලෙස වැඩ විසූ පෝල් බ්‍රෙයිටර් විසින් ලියන ලද කෘතියකි මේ පොත. ඔහු පැවිදි වී සිටි සමයේ හා උපැවිදි වූ පසුව අජාන් චා හිමියන් සමග ගත කළ ජීවිතයත්, තායිලන්තයේ භික්ෂු ජීවිතය ගැනත් මෙම පොතෙහි දක්වා ඇත.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

එක්ටැම් ගෙවල්

"එක්ටැම් ගෙවල්" කෘතිය "සෝමවීර සේනානායක" මහතා විසින් ලියන ලද කෘතියකි.


70 දශකය අග භාගයේදී එක්තරා ගමක වෙසෙන පවුලක් වටා මෙහි කතාව ගොඩ නැගී ඇත. එම පවුලේ සිටින එකම උගත් පුද්ගලයා වන ගුරුවරයා, කොළඹට ගොස් නීතීඥයකු වන ආකාරයත්, ඔහුගේ ආත්මාර්ථකාමී බවත්, පසුව ගමෙන් ඡන්දය ඉල්ලා පරාජයට පත් වී මානසික රෝගියකු වන ආකාරයත් මෙම පොතෙහි දක්වා ඇත.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

රූබර දෝණී

"රූබර දෝණී" කෘතිය "ජයකොඩි සෙනෙවිරත්න" මහතා විසින් ලියන ලද කෘතියකි.


එක්තරා නගරයක වෙසෙන ඔසු සලක් හිමියකුට රබර් පොල් වත්තක පදිංචි වී හිදින පවුලක් වටා මේ කතාව ගෙතී ඇත.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

Monday, September 19, 2011

බෞද්ධ මනෝවිද්‍යාව


"බෞද්ධ මනෝවිද්‍යාව" කෘතිය "සූරකුලමේ පේමරතන හිමියන්" විසින් ලියන ලද කෘතියකි.


බුදු දහමේ දැක්වෙන මනෝ විද්‍යාත්මක කරුණු මේ කෘතියෙහි දක්වා ඇත. එම කරුණු නූතන මනෝ විද්‍යාත්මක කරුණු සමග සන්සන්දනයකටද ලක් කර ඇත.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

සුවඳක් වගේ ආදරේ

"සුවඳක් වගේ ආදරේ" කෘතිය "අයෝමා සඳමාලි සුරවීර" මහත්මිය විසින් ලියන ලද කෘතියකි.



යොවුන් ආදර කතාවක් මෙම කෘතියට පාදක වී ඇත.


මෙය දන්කොටුව "මල්පියලි ප්‍රකාශකයන්"  විසින් ප්‍රකාශිත කෘතියකි.

ඔබ අහිංසකයි

"ඔබ අහිංසකයි" කෘතිය "ගංගා ෂයිනි ගමගේ" මහත්මිය විසින් ලියන ලද කෘතියකි.


සඳරේණු පුවත්පතේ පළ වූ නවකතාවක් මෙසේ කෘතියකට නඟා ඇත.


මෙය දන්කොටුව "මල්පියලි ප්‍රකාශකයන්"  විසින් ප්‍රකාශිත කෘතියකි.