"භවාන්තරය" කෘතිය "ටෙනිසන් පෙරේරා" මහතා විසින් ලියන ලද කෘතියකි.
වාණිජ ප්රවාහයේ ගොදුරක් බවට පත්ව ඇති අද්යතන සමාජයේ සමාජ සංස්කෘතික චලනයන් ප්රස්තූත කරගත් ප්රබන්ධයක් ලෙස "භවාන්තරය" නම් කළ හැකිය.
අඹුසැමි ප්රේමය, දාරක ස්නේහය පමණක් නොව සකල මානව සබඳතා ගර්භිතව, පරිභෝජන සමාජ හස්තයේ අවයවයන් වන හැටි සත්යයේ මායාව හරහා සැරිසරමින් රූපණය කෙරෙන මෙම කෘතිය ටෙනිසන් පෙරේරා විසින් සම්පාදනය කරන ලද විසි දෙවන ප්රබන්ධයයි.
මෙය මරදානේ "ඇස්. ගොඩගේ සහ සමාගම" විසින් ප්රකාශිත කෘතියකි.
Monday, October 24, 2011
මීදුම් නිම්නය
"මීදුම් නිම්නය" කෘතිය "කුමාර කරුණාරත්න" මහතා විසින් ලියන ලද කෙටිකතා පොතකි.
ජීවිත ආරක්ෂාව පතා විදේශ ගතව සැඟ වී සිට ආපසු එන දයාන්ට සිය පෙම්වතිය වන ආශාවරී යළිත් මුණ ගැසෙන්නේ තම හොඳම මිතුරා වන වජිරගේ බිරිඳ වශයෙනි. අතීතය අමතක කරන්නට අසමත් වන දයාන් සහ ආශාවරී නැවතත් ආදරයෙන් බැඳී වජිරට රහසේ බියෙන් හා සැකෙන් ද කඳුළින් හා සුසුමින් ද යුතුව පවත්වන ඇසුර ආත්ම කථනයක් ලෙස දයාන් විසින් මෙම "මීදුම් නිම්නය" තුළින් හෙළි කරනු ලබයි.
මෙය "හංස ප්රකාශකයන්" විසින් ප්රකාශිත කෘතියකි.

ආත්මා
"ආත්මා" කෘතිය "චන්ද්රසිරි දොඩන්ගොඩ" මහතා විසින් ලියන ලද නවකතා පොතකි.
ආත්මා ඉතා දුර බැහැර ගම්මානයක ගැමි මව් පිය යුවලක් යටතේ සදාචාර සම්පන්නව වැඩුණු යුවතියකි.
කොළඹ ධනවතෙකු සමග විවාහ වූ ඕ නගරයට ආවේ අලුත් ලෝකයකට පිවිසෙනු පිණිසය.
නමුත් ආත්මා පැතූ ලෝකය සහමුලින්ම බිඳ වැටිණි.
එහෙත් ඇයට අලුත් ජීවිතයක්, අලුත් අරුණාලෝකයක් සමග නැවුම් වූ ද යහපත් වූ ද ලෝකයක් ලබා දුන්නේ ඕදාතය.
මේ සියල්ල සිදු වූයේ කෙසේ දැයි මේ නවකතාව ඔබට කියා දේ.
මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්රකාශිත කෘතියකි.

Tuesday, October 4, 2011
දියණිය ආපසු යයි
"දියණිය ආපසු යයි" කෘතිය "කේ. ජයතිලක" මහතා විසින් ලියන ලද කෙටිකතා පොතකි.
කේ. ජයතිලක මහතාගේ ජීවින අත්දැකීම් අනුව ලියන වී ඇති කෙටිකතා කිහිපයක් මෙම පොතෙහි ඇත.
මෙය "ප්රදීප ප්රකාශකයන්" විසින් ප්රකාශිත කෘතියකි.
අජාන් චා හාමුදුරුවෝ
"අජාන් චා හාමුදුරුවෝ" කෘතිය "තිලක කුඩාහෙට්ටි" මහතා විසින් පරිවර්තනය කරන ලද කෘතියකි.
තායිලන්තයේ විසූ අජාන් චා හිමියන්ගේ ගෝල හිමිනමක් ලෙස වැඩ විසූ පෝල් බ්රෙයිටර් විසින් ලියන ලද කෘතියකි මේ පොත. ඔහු පැවිදි වී සිටි සමයේ හා උපැවිදි වූ පසුව අජාන් චා හිමියන් සමග ගත කළ ජීවිතයත්, තායිලන්තයේ භික්ෂු ජීවිතය ගැනත් මෙම පොතෙහි දක්වා ඇත.
මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්රකාශිත කෘතියකි.
එක්ටැම් ගෙවල්
"එක්ටැම් ගෙවල්" කෘතිය "සෝමවීර සේනානායක" මහතා විසින් ලියන ලද කෘතියකි.
70 දශකය අග භාගයේදී එක්තරා ගමක වෙසෙන පවුලක් වටා මෙහි කතාව ගොඩ නැගී ඇත. එම පවුලේ සිටින එකම උගත් පුද්ගලයා වන ගුරුවරයා, කොළඹට ගොස් නීතීඥයකු වන ආකාරයත්, ඔහුගේ ආත්මාර්ථකාමී බවත්, පසුව ගමෙන් ඡන්දය ඉල්ලා පරාජයට පත් වී මානසික රෝගියකු වන ආකාරයත් මෙම පොතෙහි දක්වා ඇත.
මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්රකාශිත කෘතියකි.
70 දශකය අග භාගයේදී එක්තරා ගමක වෙසෙන පවුලක් වටා මෙහි කතාව ගොඩ නැගී ඇත. එම පවුලේ සිටින එකම උගත් පුද්ගලයා වන ගුරුවරයා, කොළඹට ගොස් නීතීඥයකු වන ආකාරයත්, ඔහුගේ ආත්මාර්ථකාමී බවත්, පසුව ගමෙන් ඡන්දය ඉල්ලා පරාජයට පත් වී මානසික රෝගියකු වන ආකාරයත් මෙම පොතෙහි දක්වා ඇත.
මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්රකාශිත කෘතියකි.
රූබර දෝණී
"රූබර දෝණී" කෘතිය "ජයකොඩි සෙනෙවිරත්න" මහතා විසින් ලියන ලද කෘතියකි.
එක්තරා නගරයක වෙසෙන ඔසු සලක් හිමියකුට රබර් පොල් වත්තක පදිංචි වී හිදින පවුලක් වටා මේ කතාව ගෙතී ඇත.
මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්රකාශිත කෘතියකි.
එක්තරා නගරයක වෙසෙන ඔසු සලක් හිමියකුට රබර් පොල් වත්තක පදිංචි වී හිදින පවුලක් වටා මේ කතාව ගෙතී ඇත.
මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්රකාශිත කෘතියකි.
Subscribe to:
Posts (Atom)