Monday, February 28, 2011

නිහඬ නොවූ සාක්ෂි

"නිහඬ නොවූ සාක්ෂි" කෘතිය "වෛද්‍ය සරත්චන්ද්‍ර කොඩිකාර" මහතා විසින් ලියන ලද කෘතියකි.


වෛද්‍ය සරත්චන්ද්‍ර කොඩිකාර විසින් සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ කිහිපයක් ගැන තොරතුරු මෙම කෘතියෙහි දක්වා ඇත.



මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

Monday, January 31, 2011

මහ අනඳ හිමි

"මහ අනඳ හිමි" කෘතිය "ජයසේන ජයකොඩි" මහතා විසින් ලියන ලද කෘතියකි.


"මහ අනඳ හිමි" කෘතිය මගින් බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ ආනන්ද හිමියන්ගේ ජීවිත කතාව විස්තර කර ඇත.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

Monday, December 20, 2010

සත්සයුර

"සත්සයුර" කෘතිය "ජයසේන ජයකොඩි" මහතා විසින් ලියන ලද කෘතියකි.

"සත්සයුර" කෘතිය සාම ජාතකයේ බුද්ධකාලීන කතාවස්තුවට ජාතක කතා දෙක, තුනක අසාමාන්‍ය චරිතාංග කිහිපයක් අවුණා ඔප්ගන්වා ලියූ කෘතියකි.

මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.


Monday, November 29, 2010

විසිරුණු මල් පෙති

"විසිරුණු මල් පෙති" කෘතිය "චන්ද්‍රසිරි දොඩන්ගොඩ" මහතා විසින් ලියන ලද නවකතා පොතකි.

අම්මාත්, තාත්තාත් නැති අවජාතක දරුවෙකු වූ "භාග්‍යා" නම් යුවතිය වටා මේ කතාව ගෙතී ඇත. මුලින් කටුක ජීවිතයක් ගත කළත් පසුව විශාල ධනයකට ඇය හිමිකම් කියන ආකාරය මේ නවකතාවෙන් කියවේ. මේ කතාව මුලින්ම පළ වී ඇත්තේ "ඉරිදා දිවයින" සමඟ පිරිනැමෙන "මීවිත" අතිරේකයෙහිය.

මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

කොස් ගස් හන්දිය

"කොස් ගස් හන්දිය" නම් කෘතිය "ඒ. ඩී. රන්ජිත් කුමාර" නම් චිත්‍රපට විචාරකයාගේ ජීවිත කතාවයි.

රන්ජිත් කුමාර සිනමා පුවත් පත් කලාවේදියෙකු බවට පත් වූ ආකාරයත්, පොත් පිට කවර නිර්මාණය කළ ආකාරයත්, ආනන්ද විද්‍යාලයේ සිටියදී "නිම් වළල්ල" චිත්‍රපටිය නිර්මාණය කළ ආකාරය ආදී තම ජීවිත අත්දැකීම් මේ පොතෙහි විස්තර කර ඇත.

මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

Sunday, October 31, 2010

ගුරු මහ දසාව

"ගුරු මහ දසාව" කෘතිය "ජයකොඩි සෙනෙවිරත්න" මහතා විසින් ලියන ලද කෙටි කතා පොතකි.

මෙහි කෙටිකතා 11ක් ඇත. මෙහි ඇති කතාවල සිදුවීම් හා චරිත බොහෝ විට හාස්‍යය සමඟ අප තුළ අනුකම්පාවක්ද උපදවයි.

එමෙන්ම අප සමාජයේ වෙසෙන විවිධාකාර පුද්ගලයින්ගේ ගති සොබාව හා චර්යාවන් ඉතා සාර්ථක ලෙස විවරණය කරන්නට ජයකොඩි සෙනෙවිරත්න මහතා ඒ ඒ චරිත හා සිදුවීම් උපයෝගී කරගෙන ඇති බව පෙනේ.

මෙහි ඇතුළත් කෙටිකතා 11 මෙසේය.

1.  භෝජන සංග්‍රහය.

2.  හිඟන්නගෙ පාත්තරේ.

3.  සෙනෙහෙබර සැමියෙක්.

4.  කුලියට දීමට තිබේ.

5.  දාඩිය මහන්සිය.

6.  ගුරු මහ දසාව.

7.  දොස්තරගෙ අවතාරය.

8.  ආච්චිගෙ පේරු දානය.

9.  දඩයමක්.

10. ඩෙංගු නඩුවක්.

11. නැන්දගෙ දාහෙ නෝට්ටුව.

මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.


ගී ද මෝපසාං ගේ ප්‍රබන්ධ

"ගී ද මෝපසාං ගේ ප්‍රබන්ධ" කෘතිය "ඩේඩිඩ් කරුණාරත්න" මහත්මයා විසින් පරිවර්තනය කරන ලද "ගී ද මෝපසාංගේ" කෙටි කතා ඇතුළත් කෘතියකි.

මෙහි ගී ද මෝපසාංගේ කෙටි කතා 11ක් ඇතුළත්ය. ඒවා නම්,

1. වන්දි ගෙවීම.

2. නූල් කෑල්ල.

3. රූ සපුව.

4. මහා මෝඩකම.

5. හඳපාන.

6. ප්‍රීතිමත් පවුලක්.

7. මල් අම්මා.

8. ගැළවීම.

9. කොකෝ වෙළෙන්දා

10. කැලෑවේදී.

11. හොඳ නරක.

එමෙන්ම මෙම කෘතියෙහි ගී ද මෝපසාංගේ ජීවිත විත්ති ඇතුළත් උප ග්‍රන්ථයක්ද ඇතුළත් කොට ඇත.

මෙය "ඇම්. ඩී. ගුණසේන සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.