Monday, September 27, 2010

සුව අසපුව

"සුව අසපුව" කෘතිය "ජයසේන ජයකොඩි" මහතා විසින් "පූජ්‍ය පරවහැර චන්දරතන නාහිමිගේ" ජීවිත කතාව පාදක කර ගෙන ලියන ලද කෘතියකි.

චන්දරතන හිමියන් ගිහි ජීවිතය ගත කළ ආකාරය, පැවිදි වූ ආකාරය හා තරුණ ජීවිතය භික්ෂුවක් ලෙස ගත වූ ආකාරය මේ පොතෙහි විස්තර වේ. එමෙන්ම 71 කැරැල්ල සමයේ භික්ෂුවක් ලෙස එම හිමියන් මුහුණ දුන් දුෂ්කරතාවයද මේ පොතෙහි දැක්වේ. එමෙන්ම සමාජයේ එතරම් ප්‍රකට නොවන භික්ෂු ජීවිතය ගැනද මේ පොතෙහි සවිස්තරව දැක්වේ.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

සසර කතරේ කථාවක්

"සසර කතරේ කථාවක්" කෘතිය "තිලක් සේනාසිංහ" මහතා විසින් ලියන ලද්දකි.

මෙය "රැජින" පත්‍රයේ පුරා සති එකසිය දෙකක් පුරා පළ වූ කතාවකි.


විවාහක පුරුෂයකු වෙනත් කාන්තාවක් සමග සිදු කරන අනියම් සම්බන්ධයක් ගැන මේ කෘතියෙහි කියවේ. පසුව ඔහුගේ එම සම්බන්ධතාවයට බිරිඳ විසින් සමාව දීම මගින් ඔවුන්ගේ පවුල් සංස්ථාව සුරැකේ.


මෙය ගණේමුල්ලේ "සුරේන්ද්‍ර ප්‍රකාශන" විසින් ප්‍රකාශිත කෘතියකි.


නසිත් අයෙක්

"නසිත් අයෙක්" කෘතිය "ඔරුවල බන්දු" මහතා විසින් ලියන ලද්දකි.

සුරාව නිසා මිනිසුන් මුදලින්, සෞඛ්‍යය තත්ත්වයෙන් හා පවුල් සංස්ථාවෙන් විනාශ වී යන ආකාරය මේ කෘතියේ දැක්වේ.

මේ නවකතාව "ඔරුවල බන්දු" මහතාගේ අත්දැකීම් ඇසුරෙන් කතාන්දර ස්වරූපයෙන් ලියා ඇත. "ඔරුවල බන්දු" මහතාගේ නවකතාවල තිබෙන විශේෂ ලක්ෂණයක් වන කවි මේ පොතෙහිද ඇතුළත්ව ඇත.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

Friday, September 24, 2010

කටු කොහොළින් වැසුණු මලක්

"කටු කොහොළින් වැසුණු මලක්" කෘතිය ලියා ඇත්තේ "වෛද්‍ය ජනක ජයසූරිය" මහතා විසිනි.

මෙම නවකථාව මුලින්ම පාඨකයාට ඉදිරිපත් කරන ලද්දේ "රැජිණ" පුවත් පතෙනි. ඒ සතිපතා පළ වන කතාවක් ආකාරයෙනි.

LTTE සාමාජිකාවක් සිංහල වෛද්‍යවරයකු විසින් යහමගට ගන්නා අයුරු දැක්වෙන මේ නවකථාව සත්‍ය කතාවක් නොවූවද කතාව කියවාගෙන යාමේදී එය සත්‍ය කතාවක් ලෙසට හැඟෙන පරිදි ලියා තිබීම ලේඛකයාගේ විශේෂ දක්ෂතාවයකි. 

"කටු කොහොළින් වැසුණු මලක්" කතෘ ප්‍රකාශනයකි.

Monday, August 30, 2010

ලුමුම්බාවෙන් බිහි වූ රෝහණ විජේවීර

"ලුමුම්බාවෙන් බිහි වූ රෝහණ විජේවීර" කෘතිය "ඔරුවල බන්දු" මහතා විසින් ලියන ලද්දකි.

රුසියාවේ ලුමුම්බා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට ගිය මුල්ම ශිෂ්‍ය කණ්ඩායමේ සිටි ඔරුවල බන්දු මහතා විසින් රෝහණ විජේවීර මහතා ගැන සත්‍ය තොරතුරු පාඨකයාට ලබා දීම සඳහා මේ පොත ලියා ඇත. එමෙන්ම ඔරුවල බන්දු මහතා අධ්‍යාපනය ලැබූ ලුමුම්බා විශ්ව විද්‍යාලය ගැන තොරතුරු, රුසියාවේ අධ්‍යාපන ක්‍රමය, රුසියාවේ නාගරික හා ගැමි සමාජය හා එතුමා සංචාරය කළ රටවල් පිළිබඳ තොරතුරු මේ කෘතියෙහි ඇතුළත්ව ඇත.

මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

මැකීගිය දඩමං

 "මැකීගිය දඩමං" නම් මේ කෘතිය "ආර්. එල්. ස්පිට්ල්" මහතා විසින් රචිත "Vanished Trails" කෘතියේ සිංහල පරිවර්තන යයි. මෙය පරිවර්තනය කරනු ලැබ තිබෙන්නේ "ඒ. පී. ගුණරත්න" මහතා විසිනි.

මෙම කෘතිය පරම්පරා තුනක වැද්දන්ගේ ජීවිතය විස්තර කරමින් එකම කතාවක ස්වරූපයෙන් ලියන ලද්දකි. වැද්දා ගල් ගෙවල වාසය කරමින් වනයේ තැනින් තැන ඇවිද ආහාර පාන සපයා ගැනීමෙන් ජීවත් වූ අවධියේ සිට ගෙපැල අටවාගෙන හේන් ගොවිතැනෙන් ජීවත් වන්නට පටන් ගත් අවධිය තෙක් වූ වැදි ජීවිතය මෙහි විස්තර වේ. නවකතාවකට අවශ්‍ය අංගයක් වශයෙන් බැහැරින් එකතු කළ යම් යම් දෙයක් හැරුනු විට හෙළදිව ආදී ම වැසියන් වූ වැද්දන්ගේ අන්තිමයන් පිළිබඳ මේ කතාව - වැද්දන්ගේ අන්තිම පදය - සත්‍ය කතාවකි.

මෙය මරදානේ "සූරිය ප්‍රකාශකයෝ"  විසින් ප්‍රකාශිත කෘතියකි.

Thursday, July 15, 2010

විල්පත්තු සිහිවටනය - තවත් පොඩි විස්තරයක්

"විල්පත්තු සිහිවටනය" බ්ලොග් සටහන සම්බන්ධයෙන් සරත් ගුණතුංග මහත්මයා එවූ ඊමේල් පණිවිඩය එලෙසම මෙහි උපුටා දක්වමි.

"චරිත් මහත්මයා, මේ කතන්දරය පටන් ගත්තේ ඔබමය.  එහි අනිත් කොටසද පල කිරීම ඔබන භාරගන්නේ නම් ඉතා අගනේය.  කතන්තතරයේ ඉතිරි කොටස මෙසේය.  මහා විශාල දැවැන්තපුරුශයෙකුගේ මල සිරුරකි.  මෙවන් දෙයක් හමු වූවිට ඒ ගැන ඒ දින වල් අපි සොයා බැලීමු.  අපේ සැකය හරි ගියේය.  ඒ ජයලාල් ආනන්දගොඩ නම් ඇඩ්ලින් විතාරන ඝාතනය කල මිනිසාගේ මෘත ශරීරය විය.  එකල එල්ලූ පසු මෘත ශරීරය පැමිනෙන්නේ වෛද්‍ය විද්‍යාලයටය.  මට කපා පරීක්ෂා කර ඉගෙනීමට තිබුනේ පපුව ප්‍රදේශයය.  ඒ ප්‍රදේශ ය ඉතා හොඳින් වැඩී තිබුනේය.  ඒ සඳහා මම අද පවා ආනන්දගොඩ මහතාට පින් අනුමෝදන් කරවමි .
නමුත් ගෙල ප්‍රදේශය එල්ලිමෙන් විනාශ වී ගොස් තිබුනි.  කෙසේ හෝ මම ආනන්දගොඩ මහතාට ස්තුති වන්ත වෙමි.  මේ සම්බන්ධව කවි පෙල්ක් ලියා ඇත.  මගේ ඉල්ලීම පරිදි මෙය පල කරන ලෙස මම ඔබෙන් කාරුනිකව ඉල්ලා සිටින්න්නෙම්.  ඔබට තෙරුවන් සරනයි."
 
 
1       කොලඹ් සරසවියෙ  ව්‍යව ඡේදන   හලේ
     ඇති මල කඳක ගෙල ඇඹරී කඩා හැලේ
     හේතුව සොයන්නට මහ පොත දිගට ඇරේ
         එල්ලා මරන ලද සිරකරුවෙක්ලු ගෙලේ

2       ඇඩිලින් විතාරණ තරුණිය මැරුවාට
 ජයලල් ආනන්දගොඩ චුදිතයා හට
 හිමිවිය මරන දඩුවම නීතියට රට
 සිරුරද අයිති වන්නේ නැහැපවුලකට

3
 පුවත්පත් වලන් කියැවෙන ලෙසට මෙයා
 මහ අපරාද කරුවෙකි, මහ බරක් කියා
 මිය යන තෙක්ම ගෙලැ එල්ලා තබනු කියා
 දුන්නා තීන්දුව විනිසුරු තුමන් (ද )_යා
4
 දෙනෙතට දෙනත හමු වී නැහැ මගෙ ඔහුට
 කිසි දින කථා කර නැහැ  ගත කල දින ටිකට
 අද දින වුවද ඇස හා නොගැටේ ඇසට
 දෛවයෙ සරදමකි මේ හමු වුනේ මට
5
 හැඩි දැඩි සිරුරකින් යුතු වුව නොමැත පණ
 මිනී මරුවෙක්ය, අද  නිසලව සිටින.
 ඔහුගෙ වරද පොත් වල ලියැවී තිබින.
 සිරුර කපන විට කිසිවක් හමු නොවුන.

6
 හමු වී නැතත් ජීව්ත් වූ දවස් වල
 නුඹ මිය ගියත් පෝරකයේ කඹය මුල
 වෙනසක් නොදුටුවෙමි,  සිරුරෙහි ඇතුලෙ  තුල
 මට කල උදව්වට පින මතු දින ඇදෙන කල

7       එක අපරාදයට දෙවරක් පව ගෙවෙන
 පුදුම ලෝකයකි  මේ ජීවිතෙ ගෙවන
 අද දින මිනී මරුවන් සිය ගනන් වන
 එක දඳුවමින් බෙරෙන හැටි බලනු මැන