Saturday, July 30, 2011

සහන් රන්වල අසයි වෙලාව කීයද?


"සහන් රන්වල අසයි වෙලාව කීයද?" කෘතිය "සහන් රන්වල" මහතා විසින් ලියන ලද කෘතියකි.


මෙම ග්‍රන්ථයෙහි ඇත්තේ කෘතියේ නමින්ම වේදිකාගත කරන ලද නාට්‍යයේ පිටපතයි.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

රාග විරාග

"රාග විරාග" කෘතිය "තිලක කුඩාහෙට්ටි" මහතා විසින් ලියන ලද නවතම නවකතාවයි.


ත්‍රස්තවාදීන් විසින් විනාශ කරනු ලැබූ ප්‍රදේශයකින් ගෙනෙනු ලැබූ කුඩා දරුවන් දෙදෙනෙකු පන්සලක මහණ කරගනු ලැබීමත්, ඉන්පසු එයින් එක් අයකු සිවුරු හැර ගොස් ක්‍රිස්තියානි නිකායක පූජකවරයකු වීමට ගොස් ජීවිතය අකාලයේ විනාශ කර ගන්නා ආකාරයත් මෙම කෘතියෙන් දැක්වේ. අනෙක් භික්ෂුව රටට, දැයට වැඩ දායක ලෙස ජීවත් වන ආකාරයත්, ක්‍රිස්තියානි මිෂනාරීන්ගෙන් තමන් වැඩ සිටින ගම් ප්‍රදේශය බේරා ගන්නා ආකාරයත් මෙහි අන්තර්ගතවේ.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

බෙංගාලි යෙහෙළිය

"බෙංගාලි යෙහෙළිය" කෘතිය "නීල් විජේරත්න" මහතා විසින් ලියන ලද කෘතියකි.


නීල් විජේරත්න මහතා ඉන්දියාවේදී කළ සංචාරයන් වලදී ලැබූ අත්දැකීම් ආශ්‍රයෙන් මෙම කෘතිය ලියා ඇත. මෙහි පළ වන ලිපි මීට පෙර සිළුමිණ පුවත්පතෙහි පළ වූ ලිපි වලින් උපුටා ගත් ඒවාය.


මෙය "විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය"  විසින් ප්‍රකාශිත කෘතියකි.

Tuesday, June 7, 2011

සංස්කෘතිය සන්නිවේදනය හා නිර්මාණය

"සංස්කෘතිය සන්නිවේදනය හා නිර්මාණය" කෘතිය "මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර" මහතා විසින් ලියන ලද කෘතියකි.


මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා විසින් විව්ධ අවස්ථාවලදී කරන ලද දේශන ඇසුරෙන් මෙම ග්‍රන්ථය සකස් කර ඇත.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

මෙත්තෙය්‍ය තෙර වත

"මෙත්තෙය්‍ය තෙර වත" කෘතිය "මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර" මහතා විසින් ලියන ලද කෘතියකි.


චාල්ස් හෙන්රි ඇලන් බෙනට් නමැති ගිහි නාමයෙන් පෙනී සිට ආනන්ද මෙත්තෙය්‍ය නමින් පැවදි බිමට වට බ්‍රිතාන්‍ය ජාතිකයාගේ ජීවිතය හා දර්ශනය අළලා ලියවුනකි, මෙම කෘතිය.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

Tuesday, May 31, 2011

ආලෝකය රැගෙන එන්න

"ආලෝකය රැගෙන එන්න" කෘතිය "ගොංගිතොට සරත්" මහතා විසින් ලියන ලද කෘතියකි.


"ආලෝකය රැගෙන එන්න" කෘතියෙහි ගොංගිතොට සරත් මහතා විසින් නිර්මාණය කරන ලද කෙටිකතා හා පද්‍ය රචනා ඇතුළත්ය.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

Saturday, April 30, 2011

රෝස කටු

"රෝස කටු" කෘතිය "ජයසේන ජයකොඩි" මහතා විසින් ලියන ලද කෘතියකි.


"රෝස කටු" කෘතිය ජයසේන ජයකොඩි මහතාගේ ජීවිත අත්දැකීම් ඇතුළත් එතුමාගේ ස්වයං චරිතාපදානයයි.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.